Adamsmith

Adamsmith
අාර්ථික විද්‍යාවෙ පියා -Adamsmith

Sunday, January 6, 2013

ආර්ථික විද්‍යාව හා දේශපාලනය



Johin Stuort හා Mill Leon Welree වැනි ආර්ථික විශේෂඥයින් විසින් නිෂ්පාදනයෙන් උපයන ධනය බෙදා දීමට වෙන් නොකල යුතු බව පෙන්වා දුනි. මෙය "ප්‍රායෝගික ආර්ථිකයත්" දේශපාලනිය හා බලය පිළිබඳව පෙන්වා දෙන "සමාජ ආර්ථික ක්‍රමයේත්" එකතුවකි.
ආර්ථික විද්‍යාවේ සමාජීය කෝණයකින් බලන විට ආණ්ඩුවෙන් හෝ පරිපාලන ආයතනයකින් වන දේශපාලනික තීරණ එයට බලපායි. එනමුත් ප්‍රතිපත්ති සම්පාදකයෝ හා ඉහළ පෙල නිලධාරින් තමන්ගේ අභිමතය පරිදි ආර්ථික ක්‍රමය වෙනස් කරයි. මෙහිදි ආර්ථික සංකල්ප මගින් ඔවුන්ගේ වගකිම් සීමා නොකරන න්‍යාය පත්‍ර හා ආචාර ධර්ම මාලා හඳූන්වා දෙයි. ආර්ථික සංකල්ප හා දේශපාලනයට ආදාළ ආර්ථික ක්‍රමයේ සමානාතාවයක් ලෙස අව්‍යාජ ආර්ථික ප්‍රතිපත්තිවල විකෘතිව ඇති හෝ නොපෙනන කොටස් වලට අවදානය යොමු කිරීමට මෙම විකෘති වු න්‍යායාන් නිසා සමාජීය වැඩ මුළු හා ආචාරධර්මයන් සැකසීමේදි පැටලැවිලි සහගත බවත් ඇති කරයි.මහ බැංකුවේ ස්වාධීන බව මගින් එහි ප්‍රතිපත්ති සාර්ව ආර්ථිකය පාලනය කරනු ලබයි. එමෙන්ම වැරදි ආර්ථිකයේ අඩංගු කරුණු හා විවේචනයන් පිලිබඳ අවධානය යොමු වේ.සංකල්ප දක්වන්නා හ ආර්ථිකයඋදාහරණයක් ලෙස කාල් මාක්ස්ගේ (Karl Marx) 19 වැනි සියවසේ කටයුතු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවසේ අනුබල දිමට සිදුකළ කටයුතුත් සීත යුද්ධ කාලයේ ධනේෂ්වර වාදය හා සමාජවාදය අතර වාදයන් , ආර්ථික විද්‍යවේ ප්‍රතිඵලය ලෙස ගත හැකිය. කල්පිතයන් පරිකෂාවට ආර්ථික විද්‍යාව දායක කර නොගැනීමට මෙය හේතුවක් විය හැකිය. ආර්ථික ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය හා ඵලවිපාකයන් පිළිබඳ ආර්ථික විද්‍යාවේදි හැදෑරුවත් ඒ ඒ ක්‍රමයන් මගින් ඒ පිළිබඳ මතයක් ඵල නොකරයි.උදා. ආර්ථික අධිකාරිත්ව ක්‍රමයක් පරික්ෂාව‍, සමාන ක්‍රමවේදයන් පරික්ෂා කිරීම මෙන්ම ග්‍රෝත්‍ර ක්‍රමයෙන් පරික්ෂාවද ගත හැකිය.

මුල් ආර්ථික සංකල්ප


පෞරාණික ආර්ථික සංකල්පය මෙසපොටේමියානු ,ග්‍රීක,රෝමානු ,ඉන්දියානු ,චීන ,පර්සියන් සහ අරාබි යන ශිෂ්ටාචාරයන්හි ආරම්භයේ සිට පැවත ඒ.ඇරිස්ටෝටල්,චානක්ය,ක්වීන්ෂි හුඇන්ග්,තෝමස් ඇක්විනාස් සහ ඉබ්න් කල්ඩන් යන සැළකිය යුතු ලේඛකයන් 14 වන ශත වර්ෂය මුළුල්ලේම හඳුනාගත හැකිය.ජෝෂප් චම්පීටර් මුලිකවම 14 වන හා 17 වන ශත වර්ෂවල අගභාගයෙහි වූ ශාස්ත්‍රීයෙක් ලෙස හඳුනාගත්තේ ස්වභාවික නීති පැතිකඩ තුළ වූ වටිනාකම් න්‍යාය පොළිය සහ මුදල් විද්‍යාත්මක ආර්ථික විද්‍යාවේ ආරම්භකයන් වීම සඳහා අනෙක් කණෟඩායම් වලට වඩා ආසන්නටය ලඟා වීම හේතුවෙනි.ඉබන් කල්ඩන්ගේ මියුකඩිම් (Ibn Khaidun’s Muqaddimah) සොයා ගැනීමෙන් පසු චම්පීටර්(Schupetr)පසුව නවීන ආර්ථික විද්‍යාවේ සමීප පුරෝගාමියෙකු ලෙස ඉබන් කල්ඩම්ව දැක්වීමට හේතු වුයේ ඔහුගේ ‍බොහෝ ආර්ථික විද්‍යා න්‍යායන් නූතනය වන තුරු යුරෝපය විසින් නොදැන සිටීමය.
සෘජු ලෙසම පසුව විෂයෙහි සංවර්ධනයට බල පෑ තවත් තවත් කණ්ඩායම් දෙකක් වන්නේ වානිජවාදීන්(Mercantilists)සහ පිසියොකැට් නිකායිකයින්ය. (Physiocrats). මෙම කණ්ඩායම් දෙකම යුරෝපයේ ආර්ථික ජාතිවාදය නූතන ධන වාදය ඇති වීම සඳහා හවුල් විය.වෙළෙඳ හෝ රාජ්‍ය කටයුතු වල ප්‍රවීනයෙකුත් වුවත් 16 ශත වර්ෂයේ සිට 18 වන ශත වර්ෂය දක්වා විශාල ලෙස පුස්තිකා සාහිත්‍යයෙහි වැජඹුණු ආර්ථීක මතයකි.වානිජ වාදය රත්රන් හා රිදී ආනයන හැර ‍අනෙකුත් ආනයන සඳහා බාධක පැනවීමෙන් පතල් කැනීම සිදු නොකරන රටවල් රත්රන් හා රිදී ලබා ගනී.අපනයන කළ හැකි භාණෟඩ නිපදවීම සඳහා ලාභදායි අමු ද්‍රව්‍ය ආනයනය කිරීමේ සංකල්පය සහ විදේශයන්හි නිපද වූ භාණ්ඩ මත රජය විසින් ආරක්ෂාකාරී බදු අය කිරීම මෙන්ම කොලනි වල නිෂ්පාදනයන් සිදු කිරීම තහනම් කිරීමද මෙයට අදාල වේ.
18 වන ශත වර්ෂයේ ප්‍රංශ චින්තකයන්ගේ හා ලේඛකයන්ගේ කණ්ඩායමක් වූ පිසියොකැට් නිකායිකයින් (Physiocrats) විසින් ආර්ථිකය ආදායම් හා නිමැයුමේ චක්‍රීය ප්‍රවාහයක් යන අදහස සංවර්ධනය කරන ලදී. සියළුම අපූර්ණතාවයන් සමඟ දැනට ප්‍රසිද්ධියට පත් කර ඇති ඉතා ආසන්න සත්‍යය ලෙස ඇඩම් ස්මිත් විසින් ඔවුන්ගේ පද්ධතිය පැහැදිලි කරන ලදී. පිසියොක්‍රැට් නිකායිකයින් පිරිවැයට වඩා පැහැදිලි අතිරික්තයක් කෘෂිකාර්මික නිෂ්පාදන පමණක් උපදවන බව විශ්වාස කළේය. එම නිසා සෑම ධනයකම පදනම වූයේ කෘෂිකර්මාන්තයයි.මෙනයින්,ආනයන බදුද අන්තර්ගතව කෘෂීකර්මාන්තයටද බලපෑමක් සිදු කරනු ලබන නිෂ්පාදනය සහ විකුණුම් සංවර්ධනය කරන වානිජවාදී ප්‍රත්පත්තියට ඔවුන් විරුද්ධ විය.පර්පාලනය සඳහා පිරිවැයක් දැරීමට සිදු වන බදු එකතු කිරීම් වෙනුවට ඉඩම් හිමියන්ගේ ආදායම මත තනි බද්දක් අය කිරීමට පක්ෂව පිසියොක්‍රැට් නිකායිකයින් කටයුතු කරන ලදී සාපේක්ෂව විකෘති කිරීම් සිදු නොවන බදු ආදායම් මූලාශ්‍රයක් ලෙස පසුව බිහිවූ ආර්ථික විද්‍යාඥයින් (ශත වර්ෂයකට පසුව හෙන්රි ජෝර්ජ් ද ඇතුළුව )එවැනි ඉඩම් බදු වල සිදු වූ වෙනස්කම් සැළකිල්ලට ගන්නා ලදී.බහුල වානිජ වෙළඳ රෙගුලාසි වලට එරෙහිව ආර්ථිකයට අවම රාජ්‍ය මැදිහත් වීම ඇති රාජ්‍ය නිර්බාධක ප්‍රතිපත්තියක් පිසියොක්‍රැට් නිකායිකයින් විසින් අනුගමනය කරන ලදී.

හැඳින්වීම


නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි.
Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.
ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.
1.ක්ෂද්‍ර හා සාර්ව ආර්ථික විද්‍යාව
2.ධනාත්මක ආර්ථිකය හා ප්‍රමාණික ආර්ථික විද්‍යාව
3.ප්‍රධාන හා ප්‍රවාහ ආර්ථිකය හ වෛතුල්‍ය ආර්ථිකය
4.ආර්ථිකයේ ක්ෂේත්‍ර හා සීමා
ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය.

විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.
ආර්ථික විද්‍යාව මගින් සමාඡීය වශ‍යෙන් ඉතා වැදගත් කරුණු පිළිබදව ඉතා තියුණු අධ්‍යයනයක් කෙරෙන අතර එවාට අදාළ වන ආර්ථික විචල්‍යයන් අතර හේතුඑල සම්බන්දතාවය දැක්වෙන , විද්ධ්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සැකසුණු,න්‍යාය පද්ධතියකින් එය සමන්විත වේ. පාරිබොගික හැසිරිම,ව්‍යාපාර චර්යාවන්,ආදායම් ව්‍යාප්තිය,ආර්ථික වර්ධනය,රාජ්‍ය මුලික කටයුතු,විදේශ වෙළදාම ආදිය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.මෙයට අමතරව ආර්ථික විද්‍යවේ සමහරක් නීති සවාභාවික විද්‍යාවන්ගේ නීති තරම්ම යතාර්ථය දැක්වීමට සමත්ය.ආන්තික එලදා න්‍යාය,ආන්තික උපයෝගීතා න්‍යාය,ඉල්ලුම් න්‍යාය මේසදහා උදාහරණ ලෙස දැක්විය හැක.
ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.